Tuesday, March 1, 2011

මුනු පොතේ ආදරය.

මගෙ යාලුවෙක් ඉන්නවා රොෂාන් කියල.හරිම හොද කොල්ලෙක්.එයාත් ඉතින් අපි වගේ තමා කොයි වෙලේ බෑලුවත් මුනු පොතේ තමා.පොරගේ තියන එක වරදක් තමා මුනු පොතේ ඉන්න හෑමෝම ගොඩක් විශ්වාස කරන එක. එයාට ලගකදි ඉදලා අලුත් යාලුවෙක් සෙටි වෙලා.යාලුවෙක් කිව්වට ගෑනු යලුවෙක්.මුලින්ම හලෝ , හායි කියලා පටන් ගත්ත චෑටි එක දෙන්නටම නොදෑනිම ගොඩක් දුර ගිහින්.
සාමන්‍යයෙන් මුනු පොතෙන් ඈති වන ලව්  කල් පවතින්නෙ නෑ කියල කියමනක් තියනවනෙ.

මුලදි අපිවත් හිතුවෙ නෑ මේ ආදර අන්දරය මෙතරම් දුර දිග යයි කියලා.අපිත් ඉතින් පොරට විහිලු කලා කවදාවත් හරියට දෑකලා නෑති කෙල්ලෙකුට ඔහොම නෑහීගෙන ලව් කරන්නෙ තොගෙ අහවල් එක නරක් වෙලාද කියලා.ඒත් මු නෙවී අපි කියන ඒවා සතේකට මායිම් කලේ.කියන දේ නාහන ගුරෑ ඉහල ගියත් එකයි පහල ගියත් එකයි කියල කියමනක් තියනවනේ.උඹ කෑමති ලබ්බක් උඹ කරගනින් කියලා අපි පෑත්තකට උනා.අනේ මන්දා ඒ කෙල්ලා මූට මොන වශීයක් කරලද කියලා.කොයි වෙලේ බෑලුවත් එකි එක්ක චෑටින්.හරියට කන්නෙ බොන්නේ නෑ, නාන්නෙ නෑ.
මුගේ දිහා බලද්දි ඒ දවස්වල අපිට හෙන ආතල්.දන්නෙ නෑද්ද ඉතින්.අඩියක් ගෑහුවත් බයිට් එකට ගන්නෙ අරෑව තමා.වෙලාවකට අපිට අපේ කොල්ලා ගෑන පටිටා විදියට දුකයි.එන්න එන්නම මු අපෙන් ඈත් වෙන්න ගත්තා.

අවුරෑද්දක් විතර මේ ආදරය නෑගල ගියා.වෙලාවකට මු computer එක දිහා බලන් බක බක ගගා හිනාවෙනවා.ඒ වෙලාවට අරෑ දෑක්කම අපිටත් හෙන හිනා.කොහොමහරි ඔන්න ආදරවන්තයෝ දෙන්නා එකට මුන ගෑහෙන දවසත් ආවා.අපේ බුවත් ජෑන්ඩියට ඈදලා ෆුල් ස්මාර්ට් පොරක් වගේ තමා ගියේ.කෙල්ලට  ෆෝන් කරලා යන්න ඕන තෑනත් අහගෙන මු AC එකක නෑග්ගා කොළඹ යන්නගියා ගියාමයි මුගෙන් කිසි ප්‍රතිචාරයක් නෑ.හව්ස් වෙනකනුත් මුගෙන් ආන්සර් එකක් නෑති උනාම අපිට හිතුනෙ මුට කරදරයක් වත් වෙලා කියලා.නෑත්නම් ෆෝන් එකත් ඕෆ් කරලා මු අහවල් එකක් කරන්නද? සමහරවිට මේ යකා අර කෑල්ල එක්ක පෑනලා ගියාද දන්නෙත් නෑ බන් කියල එතන හිටිය එකෙක් උගේ අදහස ප්‍රකාශ කලා.දෑන් ඕවා කතා කරල හරි යන්නෙ නෑ.මොන ලෝකෙන් හරි මේ යකා හොයා ගන්නත් එපයි.

බීචි එකට වෙලා මු ගෑන හිත හිත චාටර් කද්දි  හොල්මනක් වගෙ එකෙක් වෑනි වෑනි අපි ඉන්න දිහාට එනවා,එතන හිටපු එකෙක් එන එකා කවුද කියලා බලන්න ලග තිබ්බ පෝන් එකක ටෝචි එකක් ඈල්ලුවා මුනට.මලා, යකෝ මේ රොෂානයානෙ.රොෂාන් දෑකලා අපි ඔක්කොම ආත බූත වුනා.ඒ යකා කන පෑලෙන්න බීලා.දෑන් හෑමෝටම මාර ප්‍රෂ්නෙ මු බීපු නිසා.එකත් එකටම කෙල්ලා ලයින් කෑල්ලක් වෙන්න ඈති ඒ හෑපී එකට තමා මු බිව්වෙ කියලා මටිටා ඉදන් කිවුවා.හෑමෝම එක එක අයිඩියාස් දානවා ඒත් මු නෙවි කටක් හෙල්ලුවෙ.අන්තිමේදි මු අපිට ඉස්ටෝරිය කිවුවා.

" මචන් මම ඒකි හම්බවෙන්න ගෝල්ෆේස් එකට ගියා.එනවා කිව්වෙ 9.30ට විතර.11 වෙනකනුත් හිටියා මේකි ආවෙ නෑ.12ට විතර කෝල් කරලා කිව්වා කොල්ලුපිටියෙ හන්දියට එන්න කියලා.එචිචර වෙලා බලන් හිටිය එකේ නොයා ඉන්නයෑ.ඒ පාර මම එතෙන්ට ගියා.තෑනට ගිහින් විනාඩි පහක් ගියෙ නෑ මම ඉස්සරහින් පත බෙන්ස් කාරෙකක් නෑවෙත්තුවා.එයා ඒකෙන් බෑහෑලා මම ලගට ආවා.බලද්දි හෙන සල්ලි තියන කෙල්ලෙක් බන් ඒකි.අනිත් පෑත්තෙන් බෑස්සා හිපියෙක් වගේ එකෙක්.පොර මගෙ නම කියලා මට කතා කරල කිව්වා.මේ ඉන්නෙ මම මෑරි කරන්න ඉන්න ගර්ල්.උඹ කවුද කියලා බලන්නයි එන්න කිවිවෙ.ආයෙ මෙයාට කෝල් කරන්න එපා කියලා."
ඉතින් කෙල්ල උඹ එක්ක කතා කලේ නෑද්ද කියලා මම ඈහුවා.එතකොට රොෂානයා කියනවා, නෑ මචන් ඒකි  මට සොරි කියලා හෙන කින්ඩි හිනාවක් දාගෙන කාර් එකේ නෑගල හියා කියලා..
…හික් හික්....... මේ වගේ බුරු පුතාලට වෙන්න ඕනත් මේවගේ ඒව තමා නෑත්නම් මුන් කවදාවත් හෑදෙන්නෙ නෑ.යලුවා නිසා මු ගෑන දුකයි.ඒත් මෝඩ කමට බෙහෙත් නෑ කියල කියනවනේ.

No comments:

Post a Comment

ලිපිය බෑලුවම ඔයාලට හිතෙන අප්සට් දේවල් මෙහි සටහන් කරලා යනවානම් ගොඩාක් වටිනවා.