Tuesday, March 1, 2011

නිකමා

ජීවිතය කියන්නෙ මහා පුදුමාකාර දෙයකට. අපෙ ජීවිත මෙ කාලය ඈතුලත කොයි තරම් නම් වෙනස් උනාද ?
ඒත් අපෙ සමහර යාලුවො එක්ක පිස්සු නටපුවා මතක් වෙද්දි තාම හිනා යනවා. පාසල් කාලය තමා අපෙ ජීවිතයට ලෑබෙන සුන්දරම කාලය. ඒත් එ කාලෙදි අපේ ඔලු වල තිබ්බෙ ඉගන ගන්න නෙවී වෙන වෙන ආතල් ගන්න.ඒ කාලෙ ලොකුම  දේ උනේ කෙල්ලෙක් යාලු කරගන්න එක.කොහොමහරි ඒක නම් කර ගත්තා.අන්තිමෙදි  exam අනා ගත්තා.

A/L වලට පස්සෙ අර course මේ course හෑම එකකටම ගියා.අන්තිමේදි ඉගන ගත්ත දෙයක් නෑ ,අතේ තිබ්බ සල්ලිත් නෑ,අවුරෑද්දක් ම චාටර් කෑවා.පස්සෙ ජොබ් කට්ටක් සෙට් උනත් ඒක එචිචර කල් කරගන්න බෑරි උනා.අන්තිමේදි  ජොබ් එකටත් ආයුබොවන් කිවුවා.දෑන් ගෙදරට වෙලා මුනු පොත එක්ක චෑට් එකක් දාගෙන ඉන්නවා.

මුනු පොතෙත් ඉන්නෙ මාර චරිත.සමහරුන්ට කොල්ලො බුටි එක තියලා.සමහර උන්ගෙ ගෑනු උන්ව දාලා ගිහින්,පිස්සො,කවියො,හොරු,බොරු කාරයො වගෙම අවන්ක අයත් මේ අතරෙ ඉන්නවා.සමහරු කියනවා  Face Book  කියන්නෙ කාලෙ කන කාලකන්නි ඉන්න තෑනක් කියලා.ඒ කතවෙත් ඈත්තක් තියනවා තමයි.ඒත් අපි දෑන ගන්න ඕන මොන දේ වුනත් limit එකට කරන්න.ඒ වගේම හොර Profile හදා ගෙන අනිත් අය අපහසුතාවයට පත් නොකරනවානමි මුනු පොත කියන සුන්දර දෙය තවත් සුන්දර වේවි.

No comments:

Post a Comment

ලිපිය බෑලුවම ඔයාලට හිතෙන අප්සට් දේවල් මෙහි සටහන් කරලා යනවානම් ගොඩාක් වටිනවා.