Monday, March 14, 2011

ඉලන්දාරියාගේ නිහඩ ලොව බිදින්න අත් වෑල් බෑද ගනිමු .....

 සින්හල බ්ලොග් අවකාශයේ සිටින ඉලන්දාරියා මහුට සෑදි ඈති රෝගය සදහා ප්‍රතිකාර ගෑනීමට මනුස්සකම දන්නා සන්වේදි හදවත් ඈත්තවුන්ගෙන් උපකාර බලපොරොත්තුවෙන් සිටිනවා.උනුවෙන හදවත් ඈති මිතුරනේ මනුෂයත්වයේ නාමයෙන් අසරන වී සිටින අපේම සහෝදරයෙකුට අපි පිහිට වෙමු.

…* මා ඉලන්දාරියා ඔහු ගෑන කියන සන්වේදි කථාව මෙලෙස දක්වමි...........*
" මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.
 එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේ අදෘශ්යමාන හස්තයට මම නතුවෙලා.