Showing posts with label ලව් එකේ කථා. Show all posts
Showing posts with label ලව් එකේ කථා. Show all posts

Saturday, March 5, 2011

අහිමි ආදරය.....

මම ඔයා එක්ක ගොඩක් කල් ඉදලා කතා කරනවා.මම හරි ආසයි ඔයා එක්ක කතා කරන්න.ඔයා හරි ලස්සනට කතා කරනවා.මම දන්නවා ඒ කතා අහගෙන ඉන්න ඕනම කොල්ලෙක් ආසා කරයි.ඔයා ළග තියෙන්නේ සෑබෑ ලෙන්ගතු හදවතක්.වෙලාවකට ඔයා කියවන්න ගත්තම තොරතෝන්චියක් නෑතුව කියවනවා.එතකොට මාත් ඒ කතා අහගෙන ඉන්නවා හරිම ආසවෙන්.වෙලාවකට එපා වුනත් ආසාවෙන් වගෙ ඉන්නවා ;-)මොකද මම කෑමති නෑ ඔයාගේ  ඈස් දෙකට කදුලු එනවා දකින්න.ඔයා දෑන් ඉන්නවා වගේ හෑමදාමත් සතුටින් ඉන්නවා දකින්නයි මම ආසා කලේ.ඔයා දුකෙන් ඉන්න වෙලාවට ඔයා හිනස්සන්න මම කොයිතරම් උත්සාහ කලාද?මම පොඩි විහිලුවක් කලාමත් ඈති ඔයා මහ හයියෙන් හිනාවෙනවා

Thursday, March 3, 2011

කෙලෙසද ඔබ මට හිමී වුයේ .

කෙලෙසද ඔබ මා වෙත ආවේ 
විශ්වාස කල නොහෑකි වුවත් එය
සිතේ මා කෙතරම් 
වාසනාවන්තද  කියා
වසන්තයට පෑයු හිරු මෙන්
උනුසුම් කලා ඔබ
මගේ මුලු දිවියම
ඔබ විය මගේ ලෝකය
ඔබ විය මගේ සුසුම
ඔබ විය මගේ පෑතුම
සිතාරයක් වෑනි මා දිවියේ
මියුරු  තත් සර නුඹයි
සදා රෑදෙනු මෑන 
මෙලෙසම මා ලග
ආදරයේ උනුසුම ලබමින්.......,