Sunday, March 20, 2011

ඔයා ගොඩක් දුර ගිහින් ..

 මට මතක් වෙනවා එක් සුන්දර කාලයක් මගේ ජීවිතයේ තිබුනු,හෑම කොල්ලෙකුටම වගේ මටත් තිබුනා ලස්සන ආදර කථාවක්.ඒ ආදර කථාව ගොඩනගන්න ඉස්සර මම මාර ගේමක් දුන්නෙ.ඔයාට මතකද හෑමදාම මම වෑඩ ඈරිලා එන බස් එකේ තමා ඔයා ක්ලාස් ඉවර වෙලා ගෙදර යන්නේ.මාස ගානක් තිස්සෙ මම එකම බස් එකේ ඔයාව සතියකට දෙතුන් වතාවක් දකිනවා.ඔයාව දකින හෑම මොහොතකම මට හිතෙන දෙයක් තමා ඔයාගේ ආදරය ලබා ගන්න කෙනාට ලොකු වාසනාවක් තියෙන්න ඕන කියලා
.ඔයා රුපසුන්දරියක් නෙවි.ඒත් මම ඔයාගෙ ඒ අහින්සක ලස්සනට වශී වුනා.මේ වනතෙක් ඔයා කා එක්ක වත් යාලු වෙලා ඉදලා නෑ.මම දන්නවා ගොඩක් උන් ඔයාව අයිති කර ගන්න මාර ගේමක් දුන්නා.
ඒත් ඔයා ඒ කොල්ලන්ව සතේකට මායිම් කලෙ නෑ.එක දවසක් පලමු වතාවට ඔයා මගේ දිහා හොදට බලලා හිනා උනා.ඒ හිනාවත් එක්කම මගේ ජීවිතයට සතුටින් පිරුනු වස්සානය උදා වුනා.ඔයාගේ හිනාවත් එක්ක මගේ හිතෙ තිබුන ආදරයටත් කොල එලිය වෑටුනා. මම දන්නවා ගොඩක් කොල්ලො මට ඉරිසියා කලා ඒ ඔයාගේ අහින්සක ආදරයේ එකම හිමි කාරයා මම උන නිසා. ඔයා මගෙන් ඉල්ලුවෙ ආදරය විතරයි.මට වගේම ඔයාටත් මාව නෑතිව ඉන්න බෑරි තරමටම අපි ආදරය කලා.ඔයාගෙ අතින් අල්ලගෙන පාරේ ඈවිදන් යන්න මම හරි ආසයි.ඔයත් ඉතින් පොඩි ලමයෙක් වගේ මගේ අතේ එල්ලිලාමයි.හිතේ මොනතරම් ප්‍රශ්න තිබුනත් ඔයා දෑකපු ගමන් මට ඒ හෑම දෙයක්ම අමතක වෙනවා.ඔහොම කාලයක් අපේ ආදරය කිසිම ගෑටලුවක් නෑතිව ගලා ගෙන ගියා.

ඒත්එක අවාසනාවන්ත දවසක අපි දෙන්නා බස් එකේ යනවා ඔයාගෙ අම්මා දෑක්කා.ඊට පස්සේ  එයාලා ඔයාගෙ පන්ති යාමත් නතර කලා.මගේ සෙවනෑල්ලක් වත් ඔයාට වෑටෙනවට ඔයාගෙ දෙමවුපියො කෑමති උනේ නෑ.ඒ සිද්දියෙන් පස්සෙ අපිට කථා කරන්න වත් විදියක් තිබ්බෙ නෑ.ගෙදරින් ඔයාව නෑ ගෙදරක නතර කලා.මොන දේ වුනත් ඔයා මම වෙනුවෙන් බලා ඉන්නවා කියලා මම දෑනන් හිටියා.අවුරුද්දකටත් වඩා මම ඔයාගෙන් පිලිතුරක් එන කන් බලන් හිටියා.වෙනදා වගේ මම ජොබ් එකට හිර උනා.ඒත් ඔයා ගෑන සෙවීම කවදාවත් අමතක කලේ නෑ.හෑම මොහොතකම මගේ හදවත ඔයා ගෑන හිතමින් දුක් වුනා.

ලගදි ඉරිදා දවසක මම ටවුමට ගියා යාලුවෙක්ගෙ වෑඩකට.ඒ යකා එනකන් මම ටවුන් එකේ පෑය ගානක් කට්ට කෑවා.මම උදේට කාලත් නෑ පට්ට බඩගිනි.ගියා කඩේකට පේස්ට්‍රියක් කන්න හිතා ගෙන.මගේ ඈස් අදහා ගන්න බෑරි උනා ........කඩේ ඈතුලෙ මගේ සුදු කෙල්ල ඉන්නවා.මට කේන්තිත් එක්ක එයා එක්කලා.ඈයි දෙයියනෙ මෙහෙම ඈවිල්ලත් මට කෝල් එකක් වත් දුන්නෙ නෑ.මාව දෑකලා ඔයා ගල් ගෑහුනා.ටේබල් එකේ තියනවා ඔයා බීපු බීම එක.ඉස්සර වගේ ඔයා බීපු බීම එකේ ඉතුරු ටික බොන්න මගේ හිත මට බල කලා.ඒත් අපි දෙන්නට කොතරම් දේවල් තියද කථා කරන්න.ඒත් මට කථා කරන්න කිසි දෙයක් ඔයා ඉතුරු කරලා නෑ.මම දෑකපු දෙයින් මම නිරුත්තර උනා .වෙන කොල්ලෙක් ඔයාගෙ අත අල්ලගෙන.මාව අත ඈරලා  ඔයා ජීවිතයෙ ගොඩක් දුර ගිහින් සුදු නන්ගි ...ඉස්සර තිබ්බ සෙනෙහස දෑන් ඔයා ලග නෑ.මම හදපු කූඩුවට මාත් එක්ක ඉගිලෙන්න හීන දෑකපු පුන්චි කිරිල්ලි දෑන් වෙන කූඩුවක් හදා ගෙන.මගේ කූඩුව ඉහිරිලා ගියාට මට දුක නෑ.ඔයාට ආදරය කල මගේ හිත ඔයාට තේරුම් ගන්න බෑරි උනේ ඈයි........................

5 comments:

  1. මල්ලී ඕක තමයි ආදරේ. ගොඩක් වෙලාවට එක්කෙනෙක් ආදරේ තුරුළුකරන් ඉඳිද්දි අනිත් කෙනා ඈතට යනව. ඒකට ගොඩක් හේතු ඇති. ඒත් ඒව දන්නෙ එයා විතරයි. හැමෝම බලන්නෙ තමන්ට යන්න පුළුවන් උපරිමේටම යන්න. මම පොඩි උදාහරණයක් කියන්නම්.

    බස් එකේ ඔයාට සීට් එකක් නැ. හිටගෙන යන්නෙ. ඊලඟ හන්දියෙන් ඔයාට සීට් තුනහතරකට ඉස්සරහ ජනේලෙ අයිනෙ වාඩිවෙලා උන්න කෙනෙක් බහිනව. ඊට පිටිපස්සෙ සීට් එකේ ඇතුල් පැත්තෙ වාඩිවෙලා උන්න කෙනෙක් විගහට නැගිටල ගිහිල්ල අර ජනේලෙ ගාව සීට් එකෙන් වාඩෙවෙනව. ඊට පස්සෙ ඔයා ඒ මනුස්සය කලින් වාඩි වෙලා උන්න සීට් එකේ වාඩිවෙනව.

    හිතල බලන්න මොකද එහෙම උනේ කියල......

    ReplyDelete
  2. ඈත්තටම උබේ කථාව හරියටම මගේ ආදරය වගෙයි බන්..එල කිරි

    ReplyDelete
  3. එල කිරි මචෝ

    ReplyDelete
  4. ඈත්ත නවම් අයියෙ..අපේ ජීවිතත් මහ පුදුමාකාර විදියට තමා ගෙවෙන්නෙ.. ගොඩක් ස්තුතියි ඔයාගෙ අදහසට

    ReplyDelete
  5. මේ ලිපිය ගෑන අදහස් පල කල අනෙක් යාලුවො දෙන්නටත් ගොඩක් ස්තුතියි

    ReplyDelete

ලිපිය බෑලුවම ඔයාලට හිතෙන අප්සට් දේවල් මෙහි සටහන් කරලා යනවානම් ගොඩාක් වටිනවා.