Thursday, March 17, 2011

තියන්න කලින් හිතුව නම්

අද මාර්තු 17 වෙනිදා.අදනේ ලන්කාවෙ ප්‍රාදේශීය සභා මෑතිවරනය.පොලිස් අන්කල්ලා බුවාලා වගේ ඉදන් කොල්ලොන්ට පාට් දානවා.පාරක යන්නත් නෑ එලවනවා.මෙහෙ ඉන්න පොල්සියෙ මාමලාට කොලු කාලයක් තිබිලා නෑ.එයාලා එක පාරම ලොකු වෙලා.එයාලට කොලු කාලයක් තිබිලා නෑති නිසා කොල්ලෝ එක්ක එයාලා හරියට ජෙලස් .ඒකයි අහින්සක කොල්ලන්ටත් පාට් එක දාන්නේ.අතේ මිටේ මොණරා ගෑවසෙන කොල්ලන්ට නම් මෙයාලා ටිකක් අනුකම්පාව දක්වනවා.(මොණරා අහින්සක සතෙක් නිසා වෙන්න ඈතී).

අපේ මුලු ගම් පලාතම කම්පා කරවපු සිදුවීමක් අද සිදු උනා.මම දන්නා හෑටියට මම ඔයාලට සිද්දිය කියන්නම්.

අද දවල් 3ට විතර කොල්ලො දෙන්නෙක් මෝටර් බයික් එකක ගාල්ලේ එක්තරා පොඩි නගරයකට ගියා.එයාලා ආපිට එද්දි තව චුටි ටවුන් එකක් මෑදින් තමා එන්න උනේ.මම මේ නගර වල නම් ගම් කියන්න යන්නෙ නෑ.news බෑලුවනම් ඔයාලා මේ සීන් එල දන්නවා.බයික් එක එලවන් ආපු කොල්ලා මම හොදට දන්න කෙනෙක්.ඒ වගේම එයා අනෙක් අයට වඩා විශේෂයි.මොකද කියනවනම් එයාට කතා කරන්න බෑ ගොලුයි. කන් ඈහෙන්නෙත් නෑ බීරියි.ඒත් මනුස්සකම කියන දේ හොදටම දන්න කාටවත් කරදරයක් නෑති කොල්ලෙක්.අවාසනාවට එයාල එන පාරෙ තියන ඉස්කෝලෙක තිබුනා ඡන්ද මධයස්ථානයක්.එතන ආරක්ෂාවට කියලා ඉදලා තිබුනා මම අර කිව්ව පොලිස් අන්කල්ලා ටිකක්.පස්සෙන් වාඩි වෙල උන්නු කෙනාට හෙල්මට් එකක් තිබ්බෙ නෑ.මේක අර පොලිස් අන්කල් කෙනෙක් දෑක්කා.එයා සන්යා කලා බයික් එක නවත්තන්න.ඒත් අවාසනාවට අර ගොලු කොල්ලට මේක තෙරුනෙ නෑ.බයික් එක නතර නොකර එයා ගියා."උන්ට වෙඩි තියන්න"අර කොලු කාරයක් ගත නොකරපු අසහනකාරි පොලිස් මාමා කෙනෙක් කිව්වා.එතන ආමි එකේ අයියා කෙනෙකුත් ඉදලා.පොලිස් මාමා කිව්වා විතරයි එයා ක්ෂනිකව ක්‍රියාත්මක උනා.දෑන් යුද්දෙ නෑති නිසා එයාලත් වේලි වේලිනෙ ඉන්නේ.මාර චාන්ස් එක තුවක්කුව පත්තුකරලා තමන්ගෙ වෑඩ පෙන්නන්න.ටකස් ගාලා ලෝඩ් කලා ,ඉලක්කය ගත්තා .......ඩෝන්
අනේ අර බයික් එකේ ගිය කොල්ලො දෙන්නා ලේ විලක් මෑද වෑටුනා.ආමි අයියා හරියටම ඉලක්කේ අල්ලලා අර කොල්ලො දෙන්නගෙ ඔලු ගෙඩියටම වෙඩිල්ල පත්තු කරලා තිබුනා.පිටිපස්සෙන් ගිය කෙනා එතනමයි.බලද්දි එයා යුද හමුදා සෙබලෙක්.තමන්ගෙ සහෝදර සෙබලෙක් අතින්ම එයාගෙ ජීවීත කථාව නිමා වුනා. ගොලු කොල්ලට යන්තම් පන තිබ්බ නිසා කරාපිටියෙ රෝහලේ දෑඩි සත්කාර ඒකකයට ඈතුලත් කලා.සිද්දිය වෙද්දි ඒ අවට තවත් කොලු රෑනක් හිටියා.උන් හෑමෝම බොහොම එඩිතර කොල්ලො ටිකක්.අර වෙපන් අරන් ගොන් පාට් දාන මාමලා වගෙ නෙවි.මොහොතක් ගියෙ නෑ.මුලු ප්‍රදේශයෙම සෙනග එතනට ආවා.හෑමෝටම මේ සිදුවීම නම් දරා ගන්න බෑරි උනා.පුලුවන්නම් අපිටත් වෙඩි තියපල්ලා කියාලා හෑමෝම එකහඩින් කිව්වා.ඊට පස්සෙ තමා නියම හරිය.
මෙන්න අර චන්ඩි පාට් දාන පොලිස් මාමලා ඔලිම්පික් යන්නද දන්නෙ නෑ පන කඩාගෙන දුවනවා.බලන්න ලස්සනයි.එයාල අතේ තිබ්බ තුවක්කු කොටත් දමලා හායි හූයි ගගා දුවනවා.බෑලින්නම් කොල්ලො ටික අර පොලිස් මාමලට ඈටි හෑලෙන්න දෙනවා.කීප දෙනෙකුගේ දත් ඈදි වගයක් පාරෙ වෑටිලා තිබුනා.පොලිසියෙ ජීප් එකක් ගිනි තිබ්බා.පොලිසියෙ තව වාහන දෙක තුනක් කුඩු කලා.ඈත්තම කියනවනම් අපේ පොලිසිවල ඉන්න මීහරක්  සුලුතරයක් නිසා මුලු පොලිස් සේවයම නෝන්ඩි වෙනවා.අද පොලිස්කාරයෙක් කිව්වම මොකෙක්වත් ගනන් ගන්නෙ වත් නෑ.එයාල විහින්මයි මේ තත්වේ උදා කර තියෙන්නේ.මම දන්නා විදියට නම් සාමන්‍ය මිනිසෙකුට වෙඩි තියන්න පොලිසියට අයිතියක් නෑ.තියනවනම් දනිස්සෙන් පහලට විතරයි.ඒත් හිතන්නේ බලන්නේ නෑතිව එක් පොලිස් නිලධාරියෙක් අණ දුන්න නිසාවෙන් තවත් එවෑනිම,මිනිස් ජීවිතයක වටිනාකම දන්නේ නෑති මෝඩයකුගෙ අමන ක්‍රියාවෙන්වටිනා මිනිස් ජීවිත නිකරුනේ විනාශ විය. 

ට්‍රිගර් එක අදින්න කලින් ටිකක් හිතුවනම්..අනේ මුනුත් මම වගේම කොල්ලෝ දෙන්නෙක් නේද කියලා......

2 comments:

  1. හරිම අවාසනාවන්ත සිදුවීමක්.... අනේ අහිංසකයො දෙන්නා

    ReplyDelete
  2. ඔව් දිලුම් අයියෙ කා අතේ වෑරදි තිබුනත් මිනිස් ජීවිතයක් උදුරා ගන්න අපි කාටවත් අයිතියක් නෑ.

    ReplyDelete

ලිපිය බෑලුවම ඔයාලට හිතෙන අප්සට් දේවල් මෙහි සටහන් කරලා යනවානම් ගොඩාක් වටිනවා.