Wednesday, December 21, 2011

බිත්තර රොටි දෙකක් 10,000 යි

හුග කාලෙකින් බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නත් බෑරි උනා .පහු ගිය දවසක මටයි තව යලුවෙකුටයි හොද අකරතෑබ්බයකට මුහුන දෙන්න සිද්ද වුනා. සීන් එක උන වේලාවෙ නම් අපි දෙන්නා පුදුම දුකක් වින්දේ, ඒත් දෑන් ඒක මතක් වෙද්දිත් බඩ අල්ලන් හිනා යනවා. අහ්    මොකක්ද උනේ කියල කිව්වෙ නෑ නේ.....



අපේ ගෙවල් හරියෙ ටවුන් එකේ තියනවා පොඩි කූල් ඩ්‍රින්ක්ස් විකුනන පොට් එකක් .හවසට සෙට් එකම බටේ අදින්න සෙට් වෙන්නෙ ඔතනට තමා. කොහොම හරි කඩේ අයිතිකාර පොඩි අයියත් අපි එක්ක ගොඩක්ම හිතවත් උනා.මොකද අපේ සෙට් එක මොන වල ගෑහුවත් බොක්ක හොදයි කියලා කට්ටියම දන්නවා.ඔය අතරේ පොඩි අයියගේ නන්ගිගෙ වෙඩින් එකත් සෙට් උනා.පුරුදු විදියට අපේ අයටත් මගුල් ගෙදර සෑලකිය යුතු වෑඩ කොටසක් කරන්න සිද්ද උනා (පාර සුද්ද කිරීම, කානුවලා තියන ජරාව අස් කරලා කානු පොලිෂ් කිරිම වගේ එව්වා) කොහොම කොහොම හරි මගුල් ගෙදරත් ජයටම ගත්තා. සුපුරුදු විදියට අපිට පාටි එක තිබුනේ රෑට. රෑට පාටිය දාන හෑටි ඔයාල දන්නවනේ.

මාත් ඉතින් ඩෙනිමකුයි ටි එකකුයි දා ගෙන මගේ කන්ථක අස්සයත් ස්ටාර්ට් කරගෙන හෑටට හෑටේ පාගලා ගියා.යනකොටත් අපේ අයියලා හොදට සලු වෙලා. ඈස් වහක් කටවහක් නෑ කොලු පෑටවු ට්කට බොන්න නම් බෑ.ගසලා වෑඩි වුන එවුන් එක එක චූන් ගන්නවා,ෆුල් ආතල් ඉතින් මටත්. කොහොම කොහොම හරි කට්ටිය රෑ 12 විතර වෙනකන්සෙට් වෙලා ආතල් ගත්තා. මම නම් වෑඩිය  අරක්කු බීවෙ නෑ. ඒත් බියර් දෙකකුයි, කට කපලා  කොල ඈපල් ෂොට් තුන හතරකුයි ගසපු නිසා මමත් ටිකක් විතර (ටිකක් නෙවි හොදටම ) චූන් වෙලා උන්නේ.අන්තිමෙදි කට්ටියට ගෙවල් දොරවල් මතක් වෙද්දි රෑ 2 ත් පහුවෙලා. තමන්ට ගෙයක් දොරක් නෑතෙයි කියලා හිතන් හිටපු උන් ටික දෙනෙකුත් තෑන් තෑන් වල වෑටිලා හිටියා.

මාත් මගේ දඩු මොනරෙ ඉස්ටාට් කරගෙන යන්න හදද්දි අපේ ගෙවල් පෑත්තට යන තව යාලුවෝ ඩබලක්(ලොනායි,බෑල්ලියී) සෙට් වුනා.උන් දෙන්නගේ බයික් දෙකත් අරගෙන ඔන්න දෑන් තුන් දෙනාම පාරට ආවා.මටයි ලොනාටයි ඒ වෙද්දි ටිකක් විතර වෙරි බෑහෑල තිබ්බේ ඒත් අර වේ@#  යාලුවට  නම් හොදටම බඩු. ඌ පාරේ යන්නෙ සිග් සෑග් ක්‍රමයට ටිකක් දුර යද්දි මෙන්න මූ කියපි ඌට බිත්තර රොටි කන්න ඔන කියලා. දෑන් ඔන්න තුන්දෙනාම බයික් තුනෙන් ටවුන් එක පුරාම කෑරකෑවෙනවා ඈරලා තියන නයිට් කඩයක් හොයාගෙන. වෑඩේ හරියන්නෙ නෑ මචන් දෑන් ගෙදර යමන් අම්බානෙකට පරක්කු වෙලා කියලා මම අර යාලුවට  කිව්වා.
…නෑ මට දෑන් බිත්තර රොටියක් කන්නම ඕන උබ එනවනම් වරෙන් මම වෙන කඩයක් හොයන් යනවා කියලා අරු බයික් එක අරන් ජෙට් වෙන්න විද්දා. දෑන් මොකද කරන්නේ අරුට පාගල් එත් ඉතින් එකට බීපු යාලුවා දාලා යන්න බෑනේ,ඒ නිසා මායි ලොනයි අරුගේ පස්සෙන් පෑන්නුවා. කොහොමහරි විනාඩි 5ක් විතර අර යාලුවගේ පස්සෙන් එලවල අන්තිමේදි නවත්ත ගන්න පුලුවන් උනා. කොහොම හරි ලොනා අරුට තේරුම් කලා බීලා බයික් එකේ යන්න එපා දෑන් ගෙදර යමන් කියලා .අන්තිමේදි ඌව ගෙදරට දාලා අපි දෙන්නත් ගෙදර යන්න පිටත් වුනා .ඒත් අපිට වෑඩි දුරක් යන්න වුනේ නෑ සුදු පටි ගහපු බාප්පලා දෙන්නෙක් ඉන්නවා පාරට අත දාගෙන. බිපු එව්වා ඔක්කොම හිදුනා අපි දෙන්නගේ හිමිට බයික් දෙක නතර කරලා ලියකියවිලි ටිකත් අරන් රාලහාමි ලගට ගියා.තමුසෙලා බීල නේද ? කියල අපේ ලයිසන් දෙකත් අරන් තොපි දෙන්න අපේ පස්සෙන් වරෙවු කියලා උන් දෙන්න අපි දෙන්නවත් දක්ක ගෙන පොලිසීයට ගියානේ. ෂයියෝ ෂල්ලි ... කවදා කාපු ටකරන්ද.
…අනේ සර් තවත් බීල වාහන එලවන්නේ නෑ , අදට විතරක් අපීව යවන්න සෑර් . අපි දෙන්න මේ බාප්පලා දෙන්නට නොවදිනා වෑදුම් වෑන්දා බේරලා යවයි කියලා .කොහෙද මුන් දෙන්නා අපි දෙන්න අරන් ගිහින් බෑලුමුත් පුම්බලා නඩුත් දෑම්මා. කොහොමහරි එදා රෑ අපිට පොලිසීයේ නයිට ගහන්නත් සිද්ද වුනා.
…අපිට දෑන්  අර බිත්තර රොටි කන්න හදපු වේ#  යාලුව එක්ක මල.ඈයි දෙයියනේ මු එක එක දහ ජරාව කන්න ඕන කියල රවුම් ගෑහුවෙ නෑත්නම් අපි ඔක්කොම පාඩුවෙ ගෙවල්වලට යනවනේ. නඩු දවසේදි ලොයර් කෙනෙකුත් අල්ලලා උසාවි ගියා අන්තිමේදි මටයි ලොනාටයි රු5000 ගානේ දඩ ගහලා ලයිසන් දෙකත් මාසෙකට කෑන්සල් කලා. මොනා කරන්නද යාලුවෝ බෙදන පරිප්පුනේ .....

No comments:

Post a Comment

ලිපිය බෑලුවම ඔයාලට හිතෙන අප්සට් දේවල් මෙහි සටහන් කරලා යනවානම් ගොඩාක් වටිනවා.